Wednesday, August 24, 2011

අලුත් ගිනි නරියට පරණ AddOns වැඩ නැද්ද ?? මෙන්න විසදුම

       හලෝ කස්ටිය ඉතිං ඔන්න මම ආවා ඔයාලට ගොඩාක් වැදගත් වෙන පොස්ට් එකක් එක්ක... මුලින්ම මගේ බ්ලොග් එකේ කලින් ලියපු පොස්ට් වලට ප්‍රතිචාර ගොඩාක් තිබ්බා ඒවා ඔක්කොටම තැන්ක්ස් පාර දාන ගමන් තමා අද ට්‍රික් එක පටන් ගන්න යන්නේ.. :D

  කට්ටිය ගිනි නරියා(Firefox) වල අලුත් සංස්කරණ ආපු ගමන් දඩිබිඩි ගාලා ඩවුන්ලොඩ් කරලා ඉස්ටොල් කරගත්තට කට්ටියට කෙල වුනා නේද ?? මල කෙලියයි පරන AddOns වැඩ නෑ දැං මොකද කරන්නේ??

  ඔහොම පිහිට පතාගෙන කට්ටිය AddOns අප්ඩේට් එහෙමත් කරන්න ඇති එහෙම කරහම ටිකක් ප්‍රසිද්ධ AddOns අප්ඩේට් වෙලා හරියන්න ඇති. ඒත් අනික් එව්වාට මොකද කරන්නේ ??
( ඉගිය / IDM / qsFox වගේ එව්වා අනිවාර්ය්‍යයෙන්ම ඔනේ නේද එත් වැඩ නෑ) බය වෙන්න එපා මෙන්න විසදුම.... :D


මෙන්න මේ විදිහට නේද අලුත් සංස්කරනේ දැම්මට පස්සේ ආවේ



මෙන්න යට තියෙන්නේ මේ වැඩේ කරන්න කලින් AddOns Manager එක
ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න

ඔන්න අපි වැඩේට බහිමු.....

ඉස්සර වෙලාම Address Bar එකේ about:config කියල type කරල Enter Key එක ඔබන්න.

ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න
උඩ තියෙන පින්තුරේ විදිහට මැසේජ් එකක් එයි බය වෙන්න එපා
එකේ යටින් තියෙන " I'll be careful , I promise " කියන බටන් එක උඩ ක්ලික් කරන්න


පස්සේ යට තියෙන පින්තුරේ විදිහට එකක් එයි (හැබැයි ඒකේ කිසිම දෙයක් වෙනස් කරන්න එහෙම එපා මම කියන එක විතරක් කරන්න)
ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න



පස්සේ ඒ අකුරු තියෙන ඔනෑම තැනක රයිට් ක්ලික් කරලා New>Boolean  කියන එක ක්ලික් කරන්න (යට රූපෙත් බලන්න)

ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න


පස්සේ එහෙම කරාට පස්සේ එක ඩයලොග් බොක්ස් එකේ මෙන්න මෙහෙම දෙන්න

extensions.checkCompatibility.6.0 
( මේකේ 6.0 කියන්නේ සංස්කරණය ඔයාගේ ගිනි නරියාගේ සංස්කරණය දෙන්න)
Eg : ඔයාගේ Firefox 7 නම් extensions.checkCompatibility.7.0 

මම පල්ලේ රුපෙන් පෙන්නලා තියෙන්නේ ගිනි නරියා 6.0 සදහා මේ වැඩේ හැම සංස්කරණයකටම අදාළයි

ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න
පස්සේ මේක මෙහෙම දිලා OK කරන්න.

පස්සේ යට රූපේ විදිහට ඩයලොග්බොක්ස් එකක් එයි...
ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න
 මේ ආව ඩයලොග් බොක්ස් එකේ false කියන එක තෝරලා OK කරන්න.

පස්සේ ගිනි නරියා(Firefox) restart කරන්න. ( වැඩි වැඩ ඔනේ නේ close කරලා ආයේ Open කරන්න )

හැ... මෙන්න වැඩක් කලින් වැඩ කරපු නැති ඔක්කොම AddOns එලකිරි වගේ වැඩ...

 මේ යට තියෙන්නේ මගේ ඇඩ්ඔන්ස් වැඩ කරවපු එක

ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න

හැබැයි මම අර රතුපාටින් කොටු කරලා තියෙන තැන තියෙන Undo
බටන් එක උඩ එහෙම ක්ලික් කරන්න එපා එහෙම නිකං හරි වුනොත් ආයේ පාරක් මුලින් කරපු වැඩේ මුල ඉදලා කරන්න වෙනවා.... :D

හරි එහෙනම් මම යනවා ආයේ මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු..
කියවලා නිකංම යන්නේ නැතුව කමෙනට් පාරක්, ෆලෝ පාරක් එහෙම දාගෙනම යන්න..

එහෙනම් මම කැපුනා

11 comments:

  1. ELA ELA matath oya awulama thiyenawa ThankXz

    ReplyDelete
  2. @PN) තැන්කස්.. මටත් සතුටක් හරි ගියා කියන එක

    ReplyDelete
  3. නියමයි.... වැඩේ හරි......

    ReplyDelete
  4. @උදාර) එල කමෙන්ට් එකට ස්තුතියි !! :l

    ReplyDelete
  5. @සුධිර) ස්තුතියි යාලුවා

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. macho meka firefox 7.0.1 walata not working.... any idea?? suggestion

    ReplyDelete
  8. @ara) වැඩ බං මම පාවිචි කරන්නේ මේ විදිහට පොඩ්ඩක් ආයේ හොදට සෙටිග්ස් ටික මුල ඉදලා කරලා බලපං

    ReplyDelete

හා හා හොරන්ම යන්න හදනවා නේද ?? :P ඔක බලපු එකේ කොමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ ගල් මුල් මඩ ඔක්කොම බාරගන්නවා :D

රසික වෙත කරන ගෙවීම්

Payment Type ( ඔබ කරන ගෙවීම )
Your E-mail address

නවතම තොරතුරු

දැන් ඔබට ඔබේ ජංගම දුර්කථනය හරහාද www.rasika.tk වෙත පිවිසිය හැක.

ර්මේල් එක දාන්න අලුත් පොස්ට් එකක් දැම්ම ගමන් ඊමේල් කොරංඤ්ඤං

ආවගිය ඇත්තන් ගණන

අපේ සෙට් එක කැමති නම් සෙට් වෙන්න

Popular Posts

වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය‍

මෙම ප්‍රකාශනය කර ඇත්තේ මෙහි ඒ ඒ මාතෘකාවන් ආවරණය වෙන විෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කියවන්නා දැනුවත් කිරීමේ යහපත් අරමුණු ඇතිවය මේහි දක්වා ඇති තොරතුරු , උපදෙස් හා මගපෙන්වීම් වල නිරවද්‍යතාවය රැක ගැනීම සදහා උපරිම ප්‍රයත්න දරා ඇත එහෙත් මොනයම් ආකාරයකින් නීතිමය වගකීමක් හෝ බැදීමක් මෙහි කතෘ විසින් දරනු නොලැබේ.
මෙහි ඇති විස්තර සාධක සියල්ල මා විසින් කිහිපවරක්ම අත්හදා බලා ඇත. ‍එහෙත් මෙය කියවන්නා සතු වටහා ගැනීමේ ශක්තිය හා යමක්අනුගමනය කිරීමේ හැකියාව, කුසලතා ආදිය ගැන අවබොධයක් ඔහු හෝ ඇය භාවිතා කරන උපකරණ පිළිබඳ පාලනයක කතෘ සතුව නොමැති බැවින් මෙහි ඇති උපදෙස් වලින් ලැබෙන ප්‍රතිඵල වල සාර්ථකත්වය ගැන සහතික විය නොහැකිය. මෙහි ඇති උපදෙස් අනුව හෝ ඒවාට පටහැනිව කටයුතු කිරීම නිසා සිදුවන මොනයම් ආකාරයක හෝ අලාභයක් ගැන වගකීමට කතෘ බැදී නැත. මෙම පලකිරීම් සිදු කරනු ලබන්නේ ඉහත සියලුම සාධක හොඳාකාරව වටහාගත් අයෙකු සේ සැලකීමෙන් අනතුරුවය.
ස්තුතියි admin@rasika.tk

Web hosting for webmasters