හලෝ කට්ටිය ඔන්න බොහොම අමාරුවෙන් චුටි වෙලාවක් ආපු ගමන්ම අලුත් පොස්ට් එකක් දාන්න ඔනේ කියලා හිතපු හින්දා බ්ලොග් එක පැත්තේ ආවා. බොහොම අමාරුවෙන් වෙලාවක් හොයාගත්තේ මේ පාර සාපේ හින්දා කිසිම වෙලාවක් නෑ.
හරි ඔන්න මම මේ පාර ආවේ සොෆ්වෙයාර් එකක් ගැනවත් මොකක් හරි ජඩ වැඩක් ගැන කියන්නත් නෙවේ මම අද කියන්න ආවේ අපේ රටේ ඉතා විශිෂ්ඨ නිපැයුමක් හා ලංකාවේ ප්‍රථම පරිගණක මෙහෙයුම් පද්ධතියක් වෙන
හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හරහා කරපු අපුරු වැඩක් ගැන කියන්න.
හරි එහෙනම් මෙන්න මේකයි වැඩේ ඔන්න අපේ ස්කෝලෙට ඇරයුමක් ආවා සබරගමුව කැම්පස් එකෙන් තියෙන IT Exhibition එකට එන්න කියලා ඉතිං අපිට තේමාව හම්බෙලා තිබ්බේ IT for Agriculture කියන එක ඉතිං ඒකට අපේ ඉස්කොලෙන් ඉදිරිපත් කරන්න දෙයක් හදන්න තමා අපි හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාවිචි කරේ මේ වැඩේට අපි යොදා ගත්තේ Python පරිගණක භාෂාව මේකෙන් අපි
Serial port වලින් සංඥා ලබාගෙන ඒවා හන්තාන ඩෙක්ස්ටොප් එකේ දර්ශනය වෙන විදිහට තමා මේ පොගෑම් එක ලියලා තිබ්බේ මේ පොග්‍රෑම් එක ලිව්වේ
අපේ චානක අයියා ඉතිං මේ පොග්‍රෑම් එක හරහා අපිට සාමාන්‍ය පරිසරයේ ඇති උෂ්නත්වය / ආලෝකයේ තත්වන / සුළගේ තත්වය ආදී දේවල් මැන ගන්න පුලුවන් වෙන විදිහට තමා හදලා තිබ්බේ. මේනේ Hardware ලෙස ප්‍රධාන වශයෙන්ම යෙදාගෙන තිබ්බේ PIC මයික්‍රොකන්ටෝලරයක් ද මිට අමතරව උෂ්ණත්ව සංවේදී උපාගංයක්ද ආලෝක සංවේදී උපාංග (LDR) ආදිය හා අනෙකුත් උප කරණ රාශියක් එකතු කරගෙන Com Port එකකින් පරිගනකයට සම්භන්ධ කල සැනින් හන්තාන ඩෙස්ටොපයේ දර්ශනය වෙනවා ඉතිං ඔයාලටම තේරෙනවා ඇතිනේ කෘෂිකර්මයේදී මේ වගේ පරිසර තත්වයන් දැන ගන්න එක කොච්චර වැදගත්ද කියලා.
මේ වැඩේට වින්ඩොස් පාවිචි නොකිරීමට ප්‍රධානම හේතුව වුයේ ජනෙල් පරිසරේ පොගැමින් වලදී විවිධ ප්‍රශ්න මැතුවිමයි. අනික හන්තාන නිසා අපිට ලේසියෙන් පහසුවෙන් මේ වැඩේ සාර්ථකව නිම කරන්න හම්බුනා.
ඔන්න මම පල්ලෙහායින් දාලා තියෙනවා ප්‍රදර්ශනයේදී ගත්ත පොටෝ වගයක්
 |
මෙන්න හන්තාන ලිනක්ස් සමග අපේ ඉිදිරිපත් කිරීම (ලොකු කරන්න පින්තුරේ මත ක්ලීක් කරන්න) |
 |
මේ තියෙන්නේ අපේ ඉදිරිපත් කිරීම (ලොකු කරලා බලන්න පින්තූරේ උඩ ක්ලීක් කරන්න) පේනවානේ හන්තාන ඩෙක්ස්ටොප් එක |
 |
මේ තියෙන්නේ අපේ ඉදිරිපත් කිරීම (ලොකු කරලා බලන්න පින්තූරේ උඩ ක්ලීක් කරන්න)
|
නියමයි.....!!!!!!!!!
ReplyDeleteela,
ReplyDeleteOnline gambling might be only attainable on the sites with Polish license. Many of the businesses working out of the island nation of Antigua and Barbuda 카지노게임 are publicly traded on numerous inventory exchanges, particularly the London Stock Exchange. Antigua has met British regulatory standards and has been added to the UK's "white listing", which permits licensed Antiguan firms to advertise within the UK.
ReplyDelete