Wednesday, December 28, 2011

සොෆ්වෙයාර් මුදුන් මුලින්ම ගලවලා දාන්න ( සොෆ්වෙයාර් එකක් අන්ඉන්ස්ටොල් කරද්දී ඒ සොෆ්වෙයාර් එටක් ෆයිල් හැම දෙයක්ම අයින් කරන හැටි eg: රෙජිස්ටරිය & ect..)

හලෝ කට්ටිය ඔන්න මුලින්ම කට්ටියට සුභ නත්තලක් කියලා කියනවා ඒ වගේම 2012 ටත් ලඟයිනේ ඉතිං සුභ නව වසරක් කියලත් කියනවා
       
    හරි, ඉතිං කට්ටිය මට බැන බැනා ඉන්න ඇත්තේ අලුත් පොස්ට් එකක්වත් නෑ කියලා, අලුත් පොස් එකක් දාන්න වෙලාවක් හම්බුනේ නෑ මේ සා/පේ හින්දා ඔන්න දැං දිග නිවාඩුවක් හම්බෙලා තියෙන්නේ මම පුලුවන් හැම වෙලාවකම අලුත් පොස්ට් එකක් දානවා
                          හරි වැඩි කයිවාරු ඔනේ නෑ අපි වැඩේට බහිමු.

කට්ටියට ලොකුම තියෙන ගැටලුවක්නේ මේ මොකක් හරි සොෆ්වෙයාර් එකක අයින් කරහම එක එක ෆයිල් සමහර නැන් වල රැදිලා පිස්සු නටන එක. විශේෂයෙන්ම රෙජිස්ටරි එකේ. ඒ වගේම තට ටෙම්පරි ෆයිල් වලත් රැදෙන්න බලනවා.
       වින්ඩොස් එක්ක එන Add/Remove Programme වලින් මේ වෙන වෙන තැන් වල රැදෙන ෆයිල් අයින් කිරීමක් සිදුවෙන්නේ නෑ. ගොඩාක් වෙලාවට මේකෙන් කරන්නේ වැඩසටහනේ Uninstall File එක රන් කරවන එක විතරයි.   

       අන්න ඒ ගැටළුව මගහරවා ගන්න තමා Uninstall Tools හදලා තියෙන්නේ දැනට ලෝකයේ තියෙන Uninstall tools වලින් ගොඩාක් හොද Tool එකක් වෙන්නේ Revo Uninstaller කියන සොෆ්වෙයාර් එක මේකෙන් ඉතාමත් ලේසියෙන් ඔන දෙයක් අයින් කරගන්න පුලුවන්. ඒ වගේම ආරක්ෂාකාරියි.



          මේ සොෆ්වෙයාර් එක මෙන්න මෙතනින් http://www.mediafire.com/?q8w9q7t3w33o824 ගන්න පුලුවන් අරගෙන ඉන්ස්ටොල් කරගන්නකෝ ඊට පස්සේ මම මේක පාවිචි කරන හැටි කියලා දෙන්න

හරිනේ ඉන්ස්ටොල් කරගත්තා නේ දැං වැඩේට බහිමු

01. දැං ඔයාගේ ඩෙක්ස්ටොප් එකට මේ වගේ අයිකන් එකක් ඇවිල්ලා ඇති ඒක ඔපන් කරගන්න



02. හරි දැං ඔයාට මෙහෙම වින්ඩෝ එකක් එයි


03. දැං මෙතන තියෙනවා ඔයා ඉන්ස්ටොල් කරපු ඔක්කොම සොෆ්වෙයාර් වල ලැයිස්තුවයි ඒකේ අයිකන් එකයි. දැං ඔයාට අන්ඉන්ස්ටොල් කරන්න ඔනේ සොෆ්වෙයාර් එක තෝරලා රයිට් ක්ලික් කරන්න ( පහල රූපය )

ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න


04. දැං මෙහෙම මැසේජ් එකක් එයි ඒක " Yes " කරන්න.

ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න


05. හරි එක " yes " කරහම මේ යට රූපේ තියෙන වින්ඩෝ එකක් එයි. දැං ඒකේ යටින්ම තියෙන "Advance" කියන එක තෝරලා Next කරන්න.
ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න

06. හරි දැන් මේ යට රූපේ තියෙන විදිහේ වින්ඩෝ එකක් ඇවිල්ලා ටිකක් වෙලා යයි. ඒ වෙලාවේදී ඔයා අයින් කරන්න යන සොෆ්වෙයාර් එකේ Uninstall ෆයිල් එක රන් වෙයි ඒකෙනුත් Uninstall කරලා දාන්න.

ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න

07. හරි දැන් මේ යට තියෙන විදිහට එන ඔයා අයින් කරන සොෆ්වෙයාර් එකේ Uninstall ෆයිල් එන රන් වෙනවා ඒකෙනුත් Uninstall කරලා දාන්න.

ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න
08. හරි ඒ Uninstall ෆයිල් එකෙන් සොෆ්වෙයාර් එන Uninstall කරාට පස්සේ Next කරන්න.

09. දැං යට රූපේ තියෙන විදිහට වින්ඩෝ එකක් ඇවිල්ලා ටිකක් වෙලා ලොඩ් වෙයි මෙතනදී වෙන්නේ සොෆ්වෙයාර් එක අන්ඉස්ටොල් වෙලා තව තැන් තැන් වල රැදිලා තියෙන ෆයිල් Scan කරන එන මෙතනදී රෙජිස්ටරි එක වගේ හැම තැනකම හොයලා බලනවා ෆයිල් රැදිලා තියෙනවා කියලා

ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න

10. හරි දැන් උඩ තියෙන විදිහට ස්කෑන් වෙලා ඉවර වුනහම යට තියෙන රූපේ විදිහට එයි. මේ තියෙන්නේ රෙජිස්ටරි එකේ ෆයිල් රැදිච්ච ඒවා. දැන් රූපේ විදිහට Select all කියන බටන් එක ක්ලික් කරලා Delete කියන එක ක්ලික් කරහම රෙජිස්ටරි එකේ රැදුනු හැම ෆයිල් එකක්ම අයින් වෙනවා. ( පහල රූපය )

ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න
     මෙතනදී පල්ලෙහා රූපේ තියෙන විදිහට මැසේජ් එකක් එයි ඒක " Yes " කරන්න.
ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න

11. දැං Next කරන්න ඊලගට එයි පහල රූපේ විදිහේ වින්ඩෝ එකක් ඒකේදී තියෙන්නේ කලින් අන්ඉන්ස්ටොල් කරපු සොෆ්වෙයාර් එකේ තිබිලා ඉතිරි වෙලා තැන් තැන් වල රැදුනු ඒවා ඒකත් කලින් පියවර වගේම Select All කියන එක තෝරලා  Delete කරන්න. ( සමහර විට මේ පියවර ඔයාට එන එකක් නෑ ආවේ නෑ කියලා බය වෙන්න එපා ඒ කියන්නේ වෙන වෙන තැන් වල ෆයිල් රැදිලා නෑ කියන එකයි )
ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න
    කලින් වගේම එන මැසේජ් එක " Yes " කරන්න
ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න

12. දැං වැඩේ හරි  ඔන්න ඉතිං අන්තිමට Finish කරලා දාන්න
ලොකු කරලා බලන්න රූපය උඩ ක්ලික් කරන්න

හරි එහෙනම් මම අදට කැපුනා. 2012 නව වසර සතුට සාම පිරි සුභ නව වසරක් වේවා ! මම නව වසරට ඔය සේරමලාටම පොඩි තැග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවා පුලුවන් උනොත් දෙන්නං....

හා හා මේක ගැන හිතුන දේ කියලම යන්න, යාලුවන්ට විල්බැ‍රෝව ගැන කියන්න අමතක කරන්නත් එපා









5 comments:

  1. මචෝ රසික. post එකනම් මරු. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර dialog පැකේජ් එක අන්ලිමිටඩ් කරන ට්‍රික් එක තාම වැඩද???? මට පුලුවන් ඉක්මනට උත්තරයක් දෙන්න.

    ReplyDelete
  2. එළකිරි ගොඩක් වටිනවා මලයා ...:)

    ReplyDelete
  3. ගොඩක් හොදයි...ගොඩක් ස්තූතියි යාළුවේ...

    ReplyDelete
  4. @දිනුෂ ) ඒක තාම වැඩ

    @අමිත ) ගොඩාක් ස්තුතියි අදහස ගොඩාක් වටිනවා

    @මංචි) ස්තුතියි යාලුවේ

    @නිරංජි) ස්තුතියි

    ReplyDelete

හා හා හොරන්ම යන්න හදනවා නේද ?? :P ඔක බලපු එකේ කොමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ ගල් මුල් මඩ ඔක්කොම බාරගන්නවා :D

රසික වෙත කරන ගෙවීම්

Payment Type ( ඔබ කරන ගෙවීම )
Your E-mail address

නවතම තොරතුරු

දැන් ඔබට ඔබේ ජංගම දුර්කථනය හරහාද www.rasika.tk වෙත පිවිසිය හැක.

ර්මේල් එක දාන්න අලුත් පොස්ට් එකක් දැම්ම ගමන් ඊමේල් කොරංඤ්ඤං

ආවගිය ඇත්තන් ගණන

අපේ සෙට් එක කැමති නම් සෙට් වෙන්න

Popular Posts

වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය‍

මෙම ප්‍රකාශනය කර ඇත්තේ මෙහි ඒ ඒ මාතෘකාවන් ආවරණය වෙන විෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කියවන්නා දැනුවත් කිරීමේ යහපත් අරමුණු ඇතිවය මේහි දක්වා ඇති තොරතුරු , උපදෙස් හා මගපෙන්වීම් වල නිරවද්‍යතාවය රැක ගැනීම සදහා උපරිම ප්‍රයත්න දරා ඇත එහෙත් මොනයම් ආකාරයකින් නීතිමය වගකීමක් හෝ බැදීමක් මෙහි කතෘ විසින් දරනු නොලැබේ.
මෙහි ඇති විස්තර සාධක සියල්ල මා විසින් කිහිපවරක්ම අත්හදා බලා ඇත. ‍එහෙත් මෙය කියවන්නා සතු වටහා ගැනීමේ ශක්තිය හා යමක්අනුගමනය කිරීමේ හැකියාව, කුසලතා ආදිය ගැන අවබොධයක් ඔහු හෝ ඇය භාවිතා කරන උපකරණ පිළිබඳ පාලනයක කතෘ සතුව නොමැති බැවින් මෙහි ඇති උපදෙස් වලින් ලැබෙන ප්‍රතිඵල වල සාර්ථකත්වය ගැන සහතික විය නොහැකිය. මෙහි ඇති උපදෙස් අනුව හෝ ඒවාට පටහැනිව කටයුතු කිරීම නිසා සිදුවන මොනයම් ආකාරයක හෝ අලාභයක් ගැන වගකීමට කතෘ බැදී නැත. මෙම පලකිරීම් සිදු කරනු ලබන්නේ ඉහත සියලුම සාධක හොඳාකාරව වටහාගත් අයෙකු සේ සැලකීමෙන් අනතුරුවය.
ස්තුතියි admin@rasika.tk

Web hosting for webmasters